Oct 12, 2017

තායිවාන් බැංකු නිලධාරීන් දිවයිනට

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඩොලර් මිලියන 1.1 ක මුදලක්, ලංකා බැංකුවේ පෞද්ගලික ගිණුමකට ගෙන්වා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා සහය දැක්වීමට එම බැංකුවේ උසස්‌ නිලධාරියෙක්‌ සහ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු ලංකාවට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

තායිවානයේ මුදල් මෙරට බැංකු ගිණුමකට හුවමාරු කළ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා  අද (12 ) අලුයම දිවයිනට පැමිණ තිබේ.

සොරාගත් ඩොලර් ලක්‍ෂ 5ක්‌ අතුරුදන්!

තායිවානයේ පාඊස්‌ටර්න් බැංකුවේ ගිණුම්වලට නීති විරෝධීව පිවිස සොරාගත් ඩොලර් ලක්‍ෂ පහක මුදලක්‌ මෙතෙක්‌ සොයාගෙන නැති බව තායිවාන් මහ බැංකු ප්‍රධානී ඩියු ෂාඩ් චු මහතා එරට මාධ්‍ය අමතා හෙළිකර තිබේ.
 
 මෙම බැංකුවේ රහස්‍ය දත්තවලට පිවිස සොරාගත් මුළු මුදල ඩොලර් මිලියන 60 ක්‌ බවද ඔහු හෙළිකර තිබේ.
 
 පසුගිය සිකුරාදා මෙම බැංකුවේ රහස්‍ය ගිණුම්වලට වෛරසයක්‌ ඇතුළු කර එම මුදල සොරාගෙන ඇති බවද ඊට ශ්‍රී ලාංකිකයන්ද සම්බන්ධ බව හෙතෙම කීවේය.
 
 ශ්‍රී ලංකාව සහ තායිවානය අතර තානාපති සබඳතා නැති නිසා මෙම වංචාව විමර්ශනය කිරීමට කාලයක්‌ යන බව ඔහු තවදුරටත් පවසා ඇත.
 
 ශ්‍රී ලංකාවට යවා තිබූ මුදලින් ඩොලර් මිලියන 1.6 ක්‌ ආපසු සොයාගෙන ඇති බවද ෆා ඊස්‌ටර්න් බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩුවන් හයිසේ යෑයි විසින් හෙළිකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top