15976 BM WEB BANNER 01
ශ්‍රී ලාංකිකයකු නොවන අයට පක්‍ෂවල තනතුරු දරන්න පුළුවන්ද? ශ්‍රී ලාංකිකයකු නොවන අයට පක්‍ෂවල තනතුරු දරන්න පුළුවන්ද?
Oct 13, 2017

'හංසයා' සභාපති ශලිල නිසා මැකෝ නීති පොත් පෙරළයි Featured

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.

ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ

මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු බව හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

1995 දී නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ ලෙස ආරම්භ වූ එම පක්‍ෂය 2009 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ලියාපදිංචි කර තිබේ.

ඒ වන විට ශලීල මුණසිංහ මහතා විසින් මෙරට ජාතික හැඳුනුම්පතක්‌ මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර, ඉන්පසු පක්‍ෂ නායකයකු ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවේ රැස්‌වීම්වලට ද සහභාගි වී තිබේ.

කෙසේ වෙතත් ඒ කිසිදු අවස්‌ථාවක තමන් විදේශ පුරවැසියකු බව මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවට නොපැවසූ බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

නීතිය අර්ථ දැක්‌වීම ?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පවතින නීතිය හා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මැතිවරණ කොමිසම විසින් 19 වැනිදා සිදුකරන බව කී මහින්ද දේශප්‍රිය මහතා, රටේ නීති පැනවීම හා නීතිය අර්ථ දැක්‌වීම මැතිවරණ කොමිසමට අයත් කාර්යයක්‌ නොවන බව ද කීය.

රටේ වර්තමාන නීතිය අනුව ජනාධිපතිවරණය සඳහාත් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහාත් විදේශ පුරවැසියකුට තරග කළ නොහැක.

ජාතික හැඳුනුම්පතක්‌ තිබිලා !

තායිවාන් බැංකු ගිණුම් හැක්‌ කර රුපියල් කෝටි 32 ක්‌ වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින දෙවන සැකකාර ලිට්‌රෝ ගෑස්‌ සමාගමේ සභාපති එන්. එම්. ශලීල මුණසිංහ මහතා උපතින්ම එංගලන්ත ජාතික පුරවැසියකු බව පෙරේදා (11) අධිකරණය හමුවේ අනාවරණය විය.

ශලීල මුණසිංහ මහතාට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට ලබාගත් වීසා බලපත්‍රය මෙම වසරේ දෙසැම්බර් 08 වැනි දින අවසන් වීමට නියමිත බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ජාතික හැඳුනුම්පතක්‌ ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුයේ 'හංසයා' පක්ෂයේ මැතිවරණ සලකුණ යටතේය.

(මූලාශ්‍රය - දිවයින)

සබැඳි පුවත්:
තායිවාන් බැංකු කොල්ලය : 'හංසයා' සභාපති ශලීල විදෙස් පුරවැසියෙක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top