Oct 13, 2017

අධිවේගී විවාදයේදී ගැහිලි ගැන ලියවිලි එළියට !

ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙදී එම මාර්ගයන්ගේ දූෂණ හා වංචාවලට අදාළ ලිපිගොනු සභාගත කිරීමට ජවිපේ සූදානම්වන බව පක්ෂ අභයන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සිදුවන වංචා,දූෂණ පිළිබඳ රට තුළ විශාල සංවාදයක් මතුව ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම කථානායකවරයාගෙන්මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා තිබිණි.

ඒ අනුව එළඹෙන19 වැනිදා එම විවාදය පැවැත්වීමට දින නියම කර ඇති බව පැවසේ.

ඉදිකළ අධිවේගී මාර්ග පිළිබඳ මෙන්ම ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ග පිළිබඳවද මෙහිදී විවාදයට භාජනය වේ.

එමෙන්ම මතභේදයට තුඩු දී ඇති  මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top