Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 13, 2017

තායිවාන් බැංකු කොල්ලය: රහස් පොලිසිය බන්ධුල පසුපස පන්නයි Featured

තායිවානයේ බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළු වී මුදල් වංචා කිරිමේ සිද්ධියට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරම්භ කර ඇත.

 අත්අඩංගුවට ගැනීමට නියමිත බන්ධුල වීරවර්ධන නමැති ශ්‍රී ලාංකික ජාවාරම්කරුවා  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බවත් ඔහු බ්‍රිතාන්‍යයේ පදිංචිකරුවකු බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන ඇත.

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර අමෙරිකානු ඩොලර් මිලියන 2.1ක් වංචා කිරීම් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරේ.

එම මුදලෙන් ඩොලර් මිලියන 1.1ක කොටසක් ශ්‍රී ලංකාව, අමෙරිකාව සහ කාම්බෝජයේ බැංකු වෙත ප්‍රේෂණය කර ඇති බවට අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ සහ නම්මුණි අයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top