Nov 23, 2016

උතුරේ ජන ජීවිත නංවන්න නොර්වේ - ILO එක්වේ

යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සදහා වන වැඩසටහනක් සදහා නොර්වේ රජය සහ ලෝක කම්කරු සංවිධානය (ILO) අතර ගිවිසුමක් නොවැම්බර් 22 දා අත්සන් තබා ඇත.

මේ යටතේ නෝර්වේ රජය ලබා දෙන අරමුදල්,ලෝක කම්කරු සංවිධානය මගින් උතුරේ ආර්ථික සංවර්ධනය සදහා වැය කරනු ඇත. දකුණේ පෞද්ගලික අංශය සහ උතුරේ සිටින නිෂ්පාදකයින් අතර සවිමත් සබදතාවක් ගොඩ නැගීමද අපේක්ෂාකෙරේ.

මෙම වැඩසටහන සදහා රුපියල් මිලියන 190 ක මුදලක් ලබා දෙයි. මෙම ආධාර යටතේ උතුරේ පවුල් 2000 පමණ ජන ජීවිත සවිමත් කිරීමට සැලසුම්කර තිබේ.

මේ වැඩටහනේ තවත් සුවිශේෂීත්වයක් වන්නේ මෙ ක්‍රියාකාරකම් සදහා 60% ක කාන්තා සහභාගීත්වයක් ලබා ගැනීම වන අතර 30%-40% කාන්තා මූලික පවුල් වල සාමාජිකාවන් වීම සුවිශේෂී කරුණකි.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිවරයා පවසා සිටියේ ආර්ථික සංවර්ධනය තුළින් ස්ථිරසාර ජීවන රටාවක් යුද්ධයෙන් පීඩාවට පත් පවුල්වලට හිමිකර දීම සංහිදියාව ඇති කිරීම මෙන්ම රටේ ආර්ථික සංවර්ධනය සදහා මෙය හේතු කාරක වන බවයි.

Norway1 600px 16 11 23

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top