nsb

Nov 23, 2016

සඳරුවන්ට නිසිදඬුවම් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ලංකා ඊනිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (23) ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ, අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ පසුගිය කලයේදී එම වෙබ් අඩවියේ විටින් විට පළවූ ලිපි මගින් මතුවූ සිද්ධීන් 14කදී අගවිනිසුරුවරයා ඇතුළුව ඉහළ සිට පහළ අධිකරණ වල කටයුතු කරන ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ විනිසුරුවන් 21 දෙනෙකු “ විනි-සොරු“ ලෙස දක්වමින් ඔවුන්ට අපහාස කළ බව කියමිනි.

මීට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ද අධිකරණයට අපහාස කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ අධිකරණය වෙත භාරදුන් නීතීඥ මධුර විතානගේ මහතා පවසන්නේ ලංකාඊනිවුස් යන නමින් ඇති ෆේස්බුක් ගිණුමක් මගින් මෙවැනි අපහාසාත්මක ලිපි රැසක් පළ කර ඇති බවත්, ඊනිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ට රිසි නොවන නඩුතීන්දු හෝ අධිකරණ නියෝග ලබාදුන්නහොත් එම විනිසුරුවරුන්ට එරෙහිව මෙවැනි ලිපි පළවන බවත් ලැබී ඇති තොරතුරු වලින් පෙනී යන බවයි.

මෙම ඒකපුද්ගල ඉල්ලුම්පත්‍ර සලකාබලමින් සඳරුවන් සේනාධීර ට හා චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන අයවළුන් ට එරෙහිව චෝදනා ගොනුකරන මෙන් නීතීඥ මධුර විතානගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ලංකාවට ගෙන්වා නඩු අසන බවට විජේදාසත් කියයි

මේ අතර, වත්මන් රජය විසින් ඉතා අසීරුවෙන් ගොඩ නගා ගත් අධිකරණයේ ස්වාධීනත්වයට 'ලංකා ඊ නිව්ස්' සහ එහි කතුවරයා බරපතල ලෙස හානි කරන බවත් එය ජාතික අනතුරක් බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පසුගිය 18 දා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.

'ලංකා ඊ නිව්ස්' කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා නඩු අසන බව ඔහු එහිදී අවධාරණයෙන් පැවසීය.

'ලංකා ඊ නිව්ස්' නිසා විනිසුරුවරයෙකුට ස්වාධීන තීන්දුවක් දිය නොහැකි වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

ඊට උදාහරණ ලෙස ඔහු කීවේ තීන්දුවකට පෙර විනිසුරුවරයා කෑමට ගිය තැනත් මුදල් ගත් අය ගැනත් 'ඊ නිව්ස්'හි පළ කරන බැවින් විනිසුරුවරුන්ට ස්වාධීනව තීන්දු දිය නොහැකි වී ඇති බවයි.

එබැවින් ලන්ඩනයේ නොව කොහේ සිටියත් ලංකාවට ගෙන්වා නඩු අසන බව ඔහු පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද නඩුවේ පිටපත මෙතනින් නරඹන්න.

සබැඳ පුවත්

'E News' කර්තෘ පුලන්නෙක්' - අධිකරණ ඇමති කියයි (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top