nsb

Nov 23, 2016

මලික්ට කෝටි සියයක වංචා චෝදනා !

ඒකාබද්ද විපක්‍ෂය විසින් ‘යහපාලන ටොප් ටෙන්’ වැඩසටහන යටතේ ගොනු කරනු ලැබූ තුන්වන පැමිණිල්ල අද (23) දිනයේ ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවට බාර දෙනු ලැබීය.

මහපොළ භාරකාර අරමුදල යටතේ තිබූ රුපියල් සිය කෝටියක මුදලක් සමරවික්‍රම ඇමතිවරයා විසින් වංචා කර ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.

මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල හා පාසල් සංවර්ධන අරමුදල 'ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්' ආයතනයේ ආයෝජනය කළැයි මලික් සමරවික්‍රම මහතාට එරෙහි පැමිණිල්ලේ සඳහන්වේ.

ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් යනු නැෂනල් වෙල්ත් කෝපරේෂන්හි සභාපති ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාට අයත් සේෆ් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධ ආයතනයකි.

වික්‍රම වීරසූරිය මහතා එහි සභාපතිත්වයට පත් වීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බව පැමිණිල්ලේ දැක්වේ.

ලයිස්තුවේ පලමු පැමිණිල්ල අගමැතිට:

මෙම ‘යහපාලන ටොප් ටෙන්’ ලයිස්තුවේ පලමු පැමිණිල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවත්, දෙවැන්න මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහිවත් මීට පෙර ගොනු කරනු ලැබ තිබුණද අද වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කියා සිටියේය.

සබැඳි පුවත් :
ලලිත් ගෙනා මහපොළට ගාමිණීගේ මස්සිනා විදියි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top