Nov 24, 2016

කුරුණෑගල SI ඝාතනයට පොලිස් ලොක්කෙක් හවුල් ! Featured

කුරුණෑගල මාස්‌පොත හෝටලයකදී උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් නිලධාරීන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකල බවට සැකකෙරෙන පාතාල කල්ලි සාමාජික  'මොරටු රොහා' නැමැත්තා එදින රාත්‍රී එම ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සමග මත්පැන් පානය කරමින් සතුටුසාමිචියේ යෙදී සිට ඇතිබව හෙළිව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කලබලයට පත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා අනුරාධපුර ප්‍රදේශයට පලාගොස් ඇතිබව දුරකථන තොරතුරු වලින් හෙළිදරව් වී තිබේ.

කුරුණෑගල දී පසුගිය 15දා රාත්‍රියේ සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කරන අවස්ථාවේ, පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලා යද්දී අත්අඩංගුවට පත් 'මොරටු රොහා' විසින් හෙලිකල කරුණු අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණයවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ කොළඹ පොලිසි 12කට පමණ අවශ්‍යව සිටි මොහු දරුණුම පාතාල අපරාධකරුවකු බවත්, මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ සිදුකරමින් සිටිය දී මෙසේ හදිසියේ කොටුකර ගැනීමට හැකි වූ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට රොහා සමග මත්පැන් පානය කරමින් සිට ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා, අනුරාධපුර විජයපුර, බෝ ගහ අසලදී 2013 සැප්තැම්බර් මස 02 වැනිදා මධුෂ්ක හරිෂ් ද සිල්වා යන දෙදරු පියකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූවෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top