nsb

Nov 24, 2016

රජය මාධ්‍ය නියාමනයට සැරසේ !

මුද්‍රිත මාධ්‍ය, විද්යුත් මාධ්‍ය සහ මෙරට ලියාපදිංචි වෙබ් අඩවිවල ප්‍රවෘත්ති අන්තර්ගතය අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිති හා ක්‍රමවේද අනුව නියාමනය කිරීම සඳහා ස්‌වාධීන මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (23 ) ප්‍රකාශ කළේය.

Gayanthakarunathilaka 670px 24 11 16ඒ සඳහා මහජනතාවගේ අදහස්‌ හා යෝජනා විධිමත් පරිදි ලබාගැනීම සඳහා යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ බවත් එම යෝජනාවට එහිදී අනුමැතිය හිමි වූ බවත් ඇමැතිවරයා කීය.

නිදහස්‌, ස්‌වාධීන හා බහුවිධ ජනමාධ්‍ය සංස්‌කෘතිය සුරක්‍ෂිත කරමින් ප්‍රමිතියකින් යුතු ප්‍රවෘත්ති මහජනතාව වෙත ලබාදීම සහ ජනමාධ්‍යයේ වෘත්තීමයභාවය සහ ආචාර ධර්ම ප්‍රවර්ධනය කිරීම මේ මගින් අරමුණු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය ශක්‌තිමත් කිරීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් කිසිදු අවස්‌ථාවක සීමාවන් හෝ නීති පැනවීමට තමන් කටයුතු නොකරන බවත් පැවසු ඇමැතිවරයා, රටේ සිවුවැනි ආණ්‌ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍ය කෙරෙහි රජය සුවිශේෂී සේවාවක්‌ ඉටුකරන බවද කැබිනට්‌ තීරණ දැනුම් දීමේ එම මාධ්‍ය හමුවට එක්‌වෙමින් කීය.

අලුතින් පණතක් !

මේ අතර සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීම සඳහා අලුතින් පණතක් කෙටුම්පත් කරමින් සිටින බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (22) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණ.

සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදය හා ආගම්වාදය පැතිරවිම පාලනය කිරීම සඳහා මෙවන් පනතක අවශ්‍යතාවය අධිකරණ ඇමතිවරයා විසින් පෙන්වා ඇතත්, විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු ඇමැතිවරු බහුතරයක් ඊට විරෝධය දක්වා තිබේ.


සබැඳි පුවත් :

සමාජ ජාලා පාලනයට අලුතින් පණතක් !

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය අනතුරක සංඥාවක් - PWJA

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top