nsb

Nov 24, 2016

යාපන සරසවි සිසුන්ට පොලිසියෙන් ‘මරණ තර්ජන’ Featured

සන්නද්ධව යාපනය සරසවි නේවාසිකාගාරයට කඩා වැදුණු පොලිසිය උපාධි අපේක්ෂකයන් කණ්ඩායමකට මරණීය තර්ජන කළ බව සිසු සංගම් නියෝජිතයෝ පවසති.

සහෝදර සිසුවකුගේ උපන් දින සාදයක් පවත්වද්දී විශ්ව විද්‍යාල බලධාරීන්ට නොදන්වා 22 අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය ලඟා වන විට කඩා වැදුණු පොලිස් භටයන් මරණීය තර්ජනය කළ බව සිසුන් උප කුලපතිනියට සහ රෙජිස්ට්‍රාර් වරයාට පැමිණිළි කොට තිබේ.

 අනවසරයෙන් ඇතුල්වීම පිළිබඳව සිසුන් ප්‍රශ්න කළ අවස්ථාවේ තුවක්කුවක් එල්ල කළ පොලිස් භටයකු ගිනි අවිය එල්ල කොට වෙඩි තබන බවට තර්ජනය කළ බව කලා යයි පීඨ ශිෂ්‍ය සංගම් සභාපති කේ රජීවන් කියා සිටියේය.

 මරණ තර්ජනය ගැන යාපනය මානව හිමිකම් කමිටුවට හෙට දිනයේ තම පැමිණිල්ල ඉදිරිපත් කරන බව කී සිසු සංගම් නායකයා පවසා සිටියේ පොලිසියට පැමිණිලි කිරීමෙන් පලක් වන්නේ නැති බවයි.

 
පොලිසියේ ඉහළ ක්‍රියාකාරිත්වය


මාසයකට වැඩි කලකට ඉහතදී පොලිස් වෙඩි පහරින්  සහෝදර සිසුන් දෙදෙනකු  ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ බලධාරීන් තීරණාත්මක පියවරක් ගෙන නැති තැන තර්ජනයක් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගනු ඇති වගට තමන් තුල විශ්වාසයක් නැතැයි කේ රජීවන් වැඩිදුරටත් කියා සිටියේය.

 ඔක්තෝබර් 20 රාත්‍රියේ  සුලක්ෂන් විජයරජා සහ නඩරාසා ගජන් මහමග ඝාතනය කිරීමට එරෙහිව උතුරේ පැවති මහජන විරෝධතා  සමග  සැකපිට අත් අඩංගුවට ගන්නා ලද උප පොලිස් පරීක්ෂකයකු ඇතුළු පහක් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර තිබුනත්  ඔවුන්ට එරෙහිව පොලිසිය විසින් ගන්නා ලද කිසිදු පියවරක් ගැන දැනගන්නට නැත.

 පොලිස් වෙඩි තැබීම නීති විරෝධී බව පොලිස් කොමිසමේ ප්‍රධානියා විසින් කියා තිබුනද  ‘අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය’ යොදා ඇති බව ප්‍රකාශ කළ  පොලිස්පති පූජීත් ජයසුන්දර මහතා දන්වා සිටියේ රාජකාරියේ නිරතව සිටියදී ‘අතපසුවීමකින්’ වෙඩි තැබීම වාර්තා නොකර සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.

(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top