Oct 18, 2017

පරණ හාල් කේස් එකක් ආයෙත් අදින්න යයි ! Featured

වසර 2014 දී සිදුවූ රුපියල් කෝටි 300 ක සහල් වංචාවක් පිළිබඳව කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් වී ඇතැයිද, ඒ සම්බන්ධ විමර්ශන කඩිනමින් අරඹන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

මේ සම්බන්ධයෙන් පසුගිය රජයේ, අදාළ විෂය භාර ඇමැතිවරයා සහ එම සහල් තොග මෙරටට ගෙන්වීම සම්බන්ධව කටයුතු කළ කණ්ඩායම පිළිබඳවද මෙම වාර්තාවේ සඳහන්ව ඇති බව පැවසේ.

මෙම කණ්ඩායම, සහල් මෙට්‍රික්ටොන් 2,50,000ක් ගෙන්වා රටට විශාල පාඩුවක් සිදු කැර ඇතැයිද කෝප් වාර්තාවේ සඳහන්ව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන බවත් තරා තිරම නොබලා මේ අය නීතිය හමුවට පමුණුවන බවත් මේ සම්බන්ධයෙන් අමරවීර මහතා පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ විශේෂ ලිපිගොනුවක් අතුරුදහන් වී ඇති බවද, කෝප් කමිටු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top