Oct 18, 2017

ශ්‍රීපාද මාර්ගයේ කුණු කන්දක් නාය ගිහින්(ඡායා)

ශ්‍රීපාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමලූව දක්වා වු මාර්ගයේ මහගිරිදඹ ප‍්‍රදේශයේ කුණු කන්දක් නාය ගොස් තිබේ.

පසුගිය දිනවල ශ්‍රීපාද උඩමලූව ප‍්‍රදේශයට අඛණ්ඩව ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමගම සිව්දිනකට ප‍්‍රථම එම කුණු කන්ද නායගොස් ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධීපති පොලිස් පරික්‍ෂක අනිල් ජයසිංහ මහතා පැවසුවේය.

මෙසේ නායගොස් ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් විසින් උඩමලූව ප‍්‍රදේශයේ මුදාහැර තිබු අපද්‍රව්‍ය පහළට රැගෙන ඒම සදහා එක්රැස් කර තිබු කුණු කන්දකි . මෙම නායයෑමෙන් ශ්‍රීපාද නල්ලතන්නිය  මාර්ගයේ මහගිරිදඹ ප‍්‍රදේශයේ මාර්ගයේ මීටර් පහළොවක පමණ කොටසක් අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

ශ්‍රීපාද උඩමලූවේ එක්රැස් වී තිබු කැළි කසල ශ‍්‍රමදානයක් මගින් පහළට ගෙන ඒමට සැලසුම් කර තිබුනද පසුගිය  මාස කිහිපය තුළ අඛණ්ඩවම ශ්‍රීපාද උඩමලූව ප‍්‍රදේශයට ඇදහැලූණු අධික වර්ෂාවත් සමගම එය සිදු කිරිමට නොහැකිවු බව ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුවේය.

මේ දිනවල ශ්‍රීපාද අවාරය නිසා එම කුණු කන්ද නායයෑමෙන් කිසිවෙකුටත් බාධාවක් නොවන අතර එසේ මාර්ගයට පැමිණ ඇති කැළි කසල සහ ශ්‍රීපාද මලුවේ ඉතිිරිව තිබෙන කැලි කසල ඉවත් කිරිමේ ශ‍්‍රමදානයක් ලබන 21 වන දින   ආරක්‍ෂක අංශ නිළධාරින් , රාජ්‍ය ආයතන කිහිපයක නිළධාරින් හා ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව සිදුකරන බව ශ්‍රීපාදස්ථානාධිපති හිමියෝ පැවසුහ.

කුණු කන්ද නායයෑමෙන් ශ්‍රීපාද මාර්ගයටද සුලු අලාභ හානි සිදුවි තිබේ.

රංජිත් රාජපක්ෂ
හැටන් වාර්තාකරු

sri1

sri2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top