Oct 20, 2017

වවුනියාවේ කඩු කල්ලියක් වෙළෙඳසැල් කුඩු කරයි

යතුරුපැදිවලින් පැමිණි කඩු කල්ලියක් ඊයේ (19) රාත‍්‍රියේ වවුනියාව පණ්ඩාරිකුලම ප‍්‍රදේශයේ වෙළෙඳසැලක් කඩා පුද්ගලයින් දෙදෙනෙකු කපා දමා  ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

වවුනියාව පොලිසිය පැවසූ පරිදි ඊයේ(19) රාත‍්‍රි 7.45 ට පමණ අදාළ සිදුවීම සිදුවි ඇති අතර, අදාළ කණ්ඩායම වෙළෙඳසැලට දැඩි අලාභ හානි සිදුකොට ඇත.

කඩු රැගෙන පැමිණි හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අදාළ පහරදීම් සිදුකොට ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

තවද වවුනියාව කට්පහපුරම් ප‍්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු කපා දමා ඇති අතර අදාළ සිදුවීමෙන් කැපුම් තුවාල ලැබු පුද්ගලයින් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පවසයි.

මෙහිදී පොලිසිය පැවසූවේ අදාළ සිද්ධීන්ට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවයි.


වවුනියාව - මාධව කුලසූරිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top