Oct 20, 2017

ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි : යාපනය සරසවි සිසුන් වර්ජනයක Featured

උපවාසික දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන තුරු සිය අධ්‍යන කටයුතු වලින් ඉවත් වන බව යාපනය විශ්ව විද්‍යාල දෙමළ ශිෂ්‍ය සංගමය පවසයි.

ජනාධිපතිවරයා සමඟ 19 බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාව සාර්ථක නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගම් නායක ක්‍රිෂ්ණ මේනන් කියා සිටියේය.

යාපනය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන් පන්ති වර්ජනය සඳහා සහාය පල කරන බව ඔහු පැවසිය.

විද්‍යා පීඨයේද සිවුවන වසරේ විභාගය අද දිනයේදී පැවත්වීමට නියමිතව තිබුණු අතර, සිසු සිසුවියන් විභාගයද වර්ජනය කිරීම හේතුවෙන් විභාගයද නොපැවත්වීමට පාලනාධිකරිය විසින් තීරණය කොට තිබේ.

විසඳුම් ගැන සෑහීමකට පත්වෙන්න බැහැ :

අද උදෑසන 7.30 සිට 9.30 දක්වා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් රැස්වීමක් කැඳවා ඊයේ (19) දිනයේදී දේශපාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, අවසානයේදී සිසුන් තීරණය කොට ඇත්තේ අදාළ විසඳුම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් සරසවියේ සියලුම සිසුන් පංති වර්ජනයක නිරත වන බවටයි.

මේ අනුව ලබන 25 වැනිදා ජනාධිපතිවරයා විසින් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති හෙයින් 25 වැනිදා දක්වා යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සියලුදෙනා පංති වර්ජනයක නිරත වන අතරම 25 වැනිදා යහපත් විසඳුමක් ජනාධිපතිවරයා විසින් ලබානොදෙන්නේ නම් ඉන් පසුව යාපනය සරසවි සිසුන් සියලු දෙනා එක්ව උපවාසයකට සූදානම් වන බවද අද පැවති රැස්වීමේදී යාපනය මහා ශිෂ්‍ය සංගමය තීරණය කර තිබේ.

26 වන දිනටත් අඛණ්ඩව උපවාසයේ :

මේ අතර තාවකාලිකව අදාළ නඩු අනුරාධපුරයට යවන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කරන ලද ඉල්ලීමට පිළිතුරක් නොලද බවට චෝදනා කරන උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් මහතා 26 වන දිනටත් අඛණ්ඩව දේශපාලන සිරකරුවන් උපවාසයේ නිරත වන බව කියා සිටී.

(මුලාශ්‍රය - ceylonjournals)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top