Oct 20, 2017

ග්‍රාමීය ජනතාව නිදහස් කර ගැනීමට ග්‍රාමශක්ති එයි

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් පීඩාවට පත්වූ ග්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සදහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ජනපති පවසයි.

ඒ පිළිබද යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ දිළිදුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවයට අද (20) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී එක්වෙමිනි.

ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථීකයකින් හෙබි තිරසාර ශ්‍රී ලංකාවක් තුළ සියලූ ආකාරයේ දිළි`දුකම මුලිනුපුටා දැමීමේ ජනාධිපතිගේ දැක්ම අනුව ක්‍රියාත්මක මුඛ්‍ය වැඩසටහන ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත්කෙරේ.

පළමු අදියර මෙන්න :

පළමු අදියරේදී ශ්‍රී ලංකාව පුරා තෝරාගත් ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස 5000 ක් ආවරණය කරමින් දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළි`දුකමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙදපොළ ජය ගැනීමේ අවස්ථාව සලසා දීම ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදු කෙරේ.

වැඩි කාන්තා සහ තරුණ දායකත්වයක් ලබාගනිමින් වෙළෙ`දපොළ අවස්ථා පිළිබ`ද සංවේදීව ගමේ සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීමේ ශක්තිය ලබාදෙමින් එම සැලසුම් ප්‍රාදේශීය සහ පළාත් සංවර්ධන සැලසුම් සමග ඒකබද්ධ කිරීම මෙහි අරමුණයි.

ශක්තිමත් ජනතා සමාගමක් ග්‍රාමීය මට්ටමින් බිහිවීම, සියලූ ජනතාවගේ සහභාගිත්වයෙන් ගොඩනැගෙන ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් නිර්මාණය වීම, ඒක පුද්ගල ආයෝජනය රු 8000 ලෙස ගණනය කළ රාජ්‍ය ආයෝජනයක් ගමට ලැබීම, යැපුම් මානසිකත්වයකින් මිදී ව්‍යවසායකත්වය වෙත එළැඹීමට විශේෂ පුහුණුව සහ ග්‍රාමීය ප්‍රාග්ධනය ශක්තිමත් කෙරෙන ඉතුරුම් ක්‍රමයක් මෙහි ප්‍රමුඛ ප්‍රතිලාභ වේ.

එකිනෙකාට ඇගිල්ල දිගු නොකර:

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ධනවතුන් තවදුරටත් ධනවතුන් කිරීමට සම්පත් ලබාදීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව ආර්ථීක අමාරුකම් තිඛෙන ජනතාව ඉන් මුදා ගනිමින් ඔවුන්ගේ ආර්ථීකය යහපත් කිරීම ස`දහා අවශ්‍ය පහසුකම් සහ වරප්‍රසාද ලබාදීම රජයක මූලික වගකීමක් බවයි.

දේශපාලන වශයෙන් එකිනෙකාට ඇගිල්ල දිගු නොකර, දිළිදුකම පිටුදැකීම ස`දහා පසුගිය දශක කිහිපය පුරා සෑම රජයක්ම ගෙනගිය වැඩසටහන් අත්දැකීම් කර ගනිමින් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කැපවීම සියලූදෙනාගේ වගකීම බව ද ජනාධිපතිවරයා ස`දහන් කළේය.

චක්‍රලේක සහ නියෝගවලට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ සිය කාර්යය හෘද සාක්ෂිය අනුවම නිසි ලෙස ඉටුකිරීම ස`දහා බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙම වැඩපිළිවෙළේදී සියලූම දිස්ත්‍රීක් ලේකම්වරුන් සහ ප්‍රාදේශය ලේකම්වරුන් පරිපාලනයේ නියමුවන් නොව ඒ හා අනුගත වූ සංවර්ධනයේ නියමුවන් බවට පත්විය යුතු බව ද ප්‍රකාශ කළේය.

න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වය :

තම තමන්ගේ දිස්ත්‍රීක්කවල ක්‍රියාත්මක සංවර්ධන න්‍යාය පත්‍ර තුළ ප්‍රමුඛත්වය ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට හිමිවිය යුතු බව මෙහිදී මැති ඇමතිවරුන්ට පැවසූ ජනාධිපතිවරයා, ඉදිරියේදී දිස්ත්‍රීක්ක මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් පැමිණ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ජනතාව දුගී බවින් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථීකය සහ රටේ ආර්ථීකය සමෘද්ධිමත් කිරීමට කාලීන මෙන්ම යුගයේ අවශ්‍යතාවයක් ඉටුකිරීමක් වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සමග රටට ආදරය කරන සියලූ පුරවැසියන් අත්වැල් බැ`දගනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අදාළ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණු අතර, 2017 වර්ෂයට අදාළව ගම් දහසක වැඩපිළිවෙළ සංකේතාත්මකව ක්‍රියාවට නැංවීම, යාවත්කාලීන කරන ලද ගැමිදිරිය ගම් 2040 ග්‍රාමශක්ති වැඩසටහන යටතට එක්කිරීම, දිළිදුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ පුද්ගලික අංශ සහයෝගීතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරිණි.

එමෙන්ම ග්‍රාමීය තරුණ තරුණියන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම ස`දහා එයාර්ටෙල් ආයතනය සමග ඒකාබද්ධ වූ වැඩසටහන ක්‍රියාවට නැංවීම ද මෙහිදී සිදු කෙරිණි.

විශේෂ ඇගයීම් සම්මානයක් :

ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම මගින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිඛෙන කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ව්‍යවසායකත්ව තරුණ තරුණියන්ට ණය පහසුකම් ලබාදීම ද සිදු කෙරිණි.

2018 වර්ෂය ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය බවට නම් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලබන කැපවීම ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම විසින් ජනාධිපති වෙත විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් ඇතු`ථ රාජ්‍ය නිලධාරින් මෙන්ම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top