Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 21, 2017

රට පුරා යළිත් ව්‍යාජ ග්ලයිපොසේට් Featured

දැනට තහනමට ලක් වී ඇති ග්ලයිපොසේට් හොර පාරෙන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට වෙළෙද ප්‍රජාව සමත් වී ඇත.

වස විස රහිත ආහාර ව්‍යාපෘතිය යටතේ ග්ලයිපොසේට් පරිහරණය පසුගිය වසරේ තහනම් කරන ලදී.

නමුත් මේ වන විට රට තුළ පවතින අධික ඉල්ලූම සපුරාලීම සදහා ග්ලයිපෝස්ටේට් පවුඩර් වශයෙන් පිටකොටුවේ කූට ව්‍යාපාරිකයන් විසින් ආනයනය කර වෙනත් රසායනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර වෙළෙඳ නාමයන් රහිතව අළෙවි කිරීම ආරම්භ කර ඇත.

මෙම එක් කන්ටේනරයකින් ලක්ෂ 15 කට අධික ලාභයක් අදාළ වෙළදුන් ලබා ගන්නා අතර තමන් හොදින් දන්නා කෘෂි රසායනික වෙළඳුන්හට මෙම ග්ලයිපෝස්ටේට් අළෙවි කරයි.

සාමාන්‍යයෙන් ග්ලයිපෝස්ටේට් අඩංගු විය යුතු රසායනික ප්‍රමාණය 40% ක් වුවත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පවුඩර් වශයෙන් ආනයනය කරන ද්‍රව්‍යයෙහි 80% ක විස ප්‍රමාණයක් අඩංගු වී ඇත.

ලැබී ඇති තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගම් පවා මෙම ව්‍යාජ ග්ලයිපොසේට් මිළදී ගෙන තම වතු සදහා ප්‍රයෝජනයට ගන්නා බව වාර්තා වේ.

වතුකරයේ පවතින අධික ශ්‍රම හිඟය නිසාත් ග්ලයිපෝස්ටේට් පරිහරණය කිරීම තහනම් කිරීම නිසාත් වතුවල පලදාව ඉතා පහත වැටී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top