Oct 21, 2017

'බලය ඛෙදීම දේශපාලනඥයින් සඳහා නොවේ' - ජනපති (ඡායාරූප)

බලය ඛෙදීම දේශපාලනඥයින් සඳහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා විය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

සෑම කෙනෙකුටම සංවර්ධනයේ සම ප්‍රතිලාභ ලබාදෙමින් සහ සම පහසුකම් සහිතව සාධාරණ සමාජයක ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බලය ඛෙදීමේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, එය කිසිවිටෙකත් රට නොඛෙදෙන සහ රට නොකැඩෙන වැඩපිළිවෙළක් විය යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ වව්නියාව ෙසෙවප්‍රගාස බාලිකා විද්‍යාලයේ පැවති වව්නියාව දිස්ත්‍රීක් නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

රටට අවශ්‍ය සංවර්ධනය මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට වත්මන් රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, ඒ සඳහා වූ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කිරීමේදී විවිධ විරෝධතා මතුවන බව ද ප්‍රකාශ කළේය.

විරෝධතාකරුවන්ගේ යෝජනා දෙන්න :

රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ඊට එරෙහිව කටයුතු කරන සියලූ දෙනා අද දවසේ රටතුළ මතුව ඇති ගැටලූවල සැබෑ යථාර්ථය හ`දුනාගෙන කටයුතු කළයුතු අතර, අද දවසේ මෙම ගැටලූවලට විස`දුම් ලබා නොදීම තුළින් අනාගතයේ මතුවන ප්‍රශ්නවලට ඔවුන් සියලූදෙනා වගකිව යුතුවන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මෙම වැඩපිළිවෙළට එරෙහිව විවේචන සහ උද්ඝෝෂණ සිදුකරන කිසිවෙකු තුළ මෙම ප්‍රශ්නවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව කිසිදු යෝජනාවක් නොමැති බව ස`දහන් කළ ජනාධිපතිවරයා, අද දවසේ රට තුළ සිදුකළයුතු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබ`ද යෝජනා ඉදිරිපත් කරන ලෙස තමා ඔවුන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

දළ කෙටුම්පතක්වත් තවම නැහැ :

එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබ`ද දළ කෙටුම්පතක්වත් තවම සකසා නොමැති අතර සියලූදෙනාගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් සංශෝධනයට මෙන්ම සංවාදයට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙන වාර්තාවේ රටේ ඒකීයභාවය, බුදු දහමට හිමි විය යුතු නිසි තැන මෙන්ම රටේ සියලූ ජනතාව අතර සහජීවනය සහ සමානාත්මතාවයෙන් යුත් සමාජයක් පිළිබ`ද පැහැදිළිව කරුණු ඇතුළත් කර තිඛෙන බව ජනාධිපතිවරයා ස`දහන් කළේය.

එහි සඳහන් නොවන කරුණු ද පෙන්වා දෙමින් ඇතැමුන් ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ දරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, අද ඇතැම් පුවත්පත් මෙන්ම මාධ්‍ය තුළ ද ජනතාව නොමග යවන ඉතා අසත්‍ය පුවත් පළවන බවත් රට වෙනුවෙන් තම වගකීම හ`දුනාගෙන කටයුතු කරන ලෙස තමා ඔවුන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍යවරුන්වන ගයන්ත කරුණාතිලක, එස්.බී. නාවින්න, රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. කාදර් මස්තාන්, ඒ.එම්. සුමන්තිරන්, සෙල්වම් අඩෙයික්කනාදන් යන මහත්ම මහත්මීන් ඇතු`ථ පළාතේ මහජන නියෝජිතයින් ද දිස්ත්‍රීක් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ඇතු`ථ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විද්‍යා දැරියගේ මවගෙන් ප්‍රසංසා :

මේ අතර යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව ද මෙහිදී ජනාධිපතිවරයා හමු විය.

පවුලේ සුව දුක් විමසීම ස`දහා එම නිවසට පැමිණෙන බව ජනාධිපතිවරයා එහිදී විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුව අනුව උත්සවයෙන් අනතුරුව වව්නියාව ප්‍රදේශයේ එම නිවසට ගිය ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීය.

විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලූ උපකාර සිදුකරන බව ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.

විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතු`ථ සාධාරණය ඉටුකර ගැනීම ස`දහා ජනාධිපතිවරයා දැක්වු සහය පිළිබ`දව මෙහිදී එම දැරියගේ මව ජනාධිපති වෙත සිය කෘතඥතාවය පළ කර සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top