Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 22, 2017

පට්ට ගැහුවට විගණන පනත දොට්ට නොදැමුවේ ඇයි ? Featured

ජාතික විගණන පනත මේ දක්වා ගැසට් නොකළ ද එය වසර 14ක් තුළ අවස්ථා 23කදී කප්පාදුකර තිබෙන බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ කැඳවුම්කරු නීතීඥ එන්.කේ.එච්. කුමාරසිංහ මහතා කියා සිටී.

මෙය වත්මන් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බවත් ඔහු පැවසීය.

එම පනත් කෙටුම්පත නීතිපතිවරයා අනුමත කර කැබිනට් මණ්ඩලයට භාරදෙනු ලැබුවේ 2003 වසරේදී බවද ඔහු හෙළිකර සිටියේය.

කෙසේවුවද, එයට අනුමැතිය නොදී විවිධ සංශෝධනවලට යොමු කළ බවත්, ගෙවුණු වසර 14 තුළ ආණ්ඩු 4ක් පත්වූ බවද කුමාරසිංහ මහතා පැවසීය.

මෙතෙක් ගැසට් නොකෙරුණද වර්තමාන ආණ්ඩුව එයට කැබිනට් අනුමැතිය ලබාදුන්නේ 2015 අප්‍රේල් 22 වැනිදා බවද ඔහු සඳහන් කළේය.

පනත සිරකරන් ඉන්නේ රනිල්ගේ ලේකම් !

විගණන පනත සිරකරගෙන සිටින්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් බවටද ඔහු චෝදනාකර සිටියේය.

කැබිනට් මණ්ඩලය අනුමත කළ පනත ඉතා අශ්ලීල ලෙස සංශෝධනය කරමින් සිටින බවට ද චෝදනා කළ කුමාර සිංහ මහතා අදාළ තත්ත්වය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පනත සිය පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද කුමාරසිංහ මහතා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top