Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 24, 2016

25000 දඩයත් එක්ක රියදුරු බලපත්‍ර වලට වෙන වැඩේ Featured

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගුණයක්‌ වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මීට පෙර දිනකට පුද්ගලයන් 340-350 ක්‌ වැනි පිරිසක්‌ පැමිණියද මේ වන විට එම ප්‍රමාණය 700 ක්‌ පමණ වී ඇතැයි එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

රටපුරා ඇති විසිපහක්‌ පමණ වන ශාඛාවලට වෛද්‍ය වාර්තා ගැනීමට පැමිණෙන පිරිස දෙගුණයක්‌ වී ඇති බවද හෙතෙම පැවසීය.

රියදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය කළහොත් දඩ මුදල රුපියල් 25000 දක්‌වා මෙවර අයවැයෙන් ඉහළ දැමීම නිසා බොහෝ දෙනා වලංගු රියදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීමට පෙලඹීම නිසා මෙලෙස වෛද්‍ය වාර්තා ලබා ගන්නා පිරිස ඉහළ ගොස්‌ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top