Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 24, 2016

ඉන්ටනෙට් ගාස්තු ඉහල දැමු හේතුව මෙන්න !

දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්, වට්ස් ඇප්, ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව සඳහන් කලේ, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරි ගමනක් යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසද්දී අන්තර්ජාල සේවා ගාස්තු ඉහළදැමීම සිදුවන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු කල විමසීමකදීය.

මෙසේ ගාස්තු වැඩිකිරීම හරහා ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව හෙතෙම තහවුරු කළේය.

ජංගම දුරකථනවල සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා ද රු.250ක් දක්වා මුදලක් අයකර ගැනීමට තීරණය කරනු ලැබුවේ දුරකථන මගින් ඇතිවන අනවශ්‍ය ගැටළු රැසක් මගහරවා ගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අයවැයෙන් සහන කප්පාදු කර ඇති බවට එල්ලවන චෝදනා තමන් පිළිනොගන්නා බවත්, සහනාධාර වෙනුවෙන් කෝටි 44,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top