nsb

Nov 24, 2016

SAITM අයිටම් පිටවුණේ නඩුවට කළින් ? Featured

මාලබේ සයිටම් (සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් ලිමිටඩ් (SAITM) සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබියදී හදිස්සියේම ඊයේ (22) උසස්‌ අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව නිර්දේශ ලබාදීම සම්පූර්ණ වැරදිසහගත කටයුත්තක් බව ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කලංසූරිය මහතා කියා සිටී.

එසේම එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පසුගිය කාලයේ සයිටම් වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා බවත්, එබැවින් එම වාර්තාව ඒකපාර්ශවීය එකක් බවද ඔහු අවධාරණය කරයි.

උසස්‌ අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික හවුල් ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යෑමටත්, නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහල රජයට පවරාගෙන රජයේ රෝහලක්‌ ලෙස පවත්වාගෙන යාමටත් නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

තීන්දුව එළදෙන බෙදාගත්ත වගෙයි

වැඩිදුරටත්, ඒ මහතා කියා සිටියේ මේ නිර්දේශයන් පැරණි කතාවකට අනුව එළදෙන බෙදාගත්ත වගේ බවයි.

කෙසේදයත්, එළදෙනගේ මුහුණත ලැබුණට ඉන් ප්‍රයෝජනයක් නැතුවාසේම රජය විසින් මාලඹේ රෝහල ලබාගැනීම තවත් වියදම් යන වැඩක් බවත්, එසේම නෙවිල් ප්‍රනාන්දු මහතාට එම පෞද්ගලික විද්‍යාලය ලබාදීම එළදෙනගේ පශ්චාත් භාගය ගත්තාසෙම වාසිදායක බව ප්‍රදීප් මහතා කියා සිටියේය.

මෙවැනි තීන්දුවකට වඩා මේ දෙකම නෙවිල් ප්‍රනාන්දු මහතාට ලබාදීම හොඳයැයිද ඔහු කියා සිටියේය.


SAITM වසා දැමිය යුතුයි

මීට ලබාදිය හැකි විසඳුම සම්බන්ධයෙන් අප කළ ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ මේ ගැටලුව විදඳීමට නම් මුලින්ම සයිටම් වසා දැමිය යුතුබවයි.

ඉන් පසුව එහි අධ්‍යාපනය ලබන සිසුන් සම්බන්යෙන් තීන්දුවක් ගතයුතු බවද ඔහු කීය.

සබැඳි පුවත්
සයිටම් සෙමි ගවමන්ට් වෙද්දී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top