Nov 25, 2016

යාපනයේ තරුණයින්ට කොළඹදී නඩු පැවරීම ගැන විරෝධයක් Featured

යාපනය ප්‍රදේශයේ මංකොල්ලකෑම් සිදුකළ බවට සැකකෙරෙන කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන කොළඹ අධිකරණ වෙත ඉදිරිපත් කිරීම සුුදුසු නීතියට එකග නමුත් සදාචාරයට පටහැනි බව යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා පැවසිය.

ඔහු එසේ පැවසූවේ පසුගිය සති දෙකේදී යාපනය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් එකොළොස් දෙනෙකුගෙන් සමන්චිත කණ්ඩායමක් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් නොකොට කොළඹ අධිකරණයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ගේ ඥාතීන් පිරිසක් ව්සින් ඔවුන්ට ඇප ලබාගැනිම පිණිස ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

පසුගිය මැතිවරණ සමයේ යාපනය කයිටිස් ප්‍රදේශයේදි දෙමළ ජාතික සන්ධාන ආධාරකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් පැවැති නඩුවක් 23දා විභාගයට ගත් අවස්ථාවේදීද යාපනය මහාධිකරණ විනිසුරුවරයා මේ  අන්දමටම අදහස් දක්වා තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා එහිදි වැඩිදුරටත් පැවසූවේ යාපනය ප්‍රදේශයේ මීට පෙර ක්‍රියාත්මක වු මංකොල්ල කල්ලි සම්බන්ධ නඩු විභාගය යාපනය අධිකරණයන් තුළ විභාග කොට දඩුවම් ලබා දි ඇති බවයි.

(lankanewsline)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top