Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 25, 2016

සංස්කෘතියට ඕනෑ උනාට කෑමට එපා Featured

දිවයින පුරා සියළුම පාසල් ආශ‍්‍රිතව මිටර් 500 ක් දක්වා දුර ප‍්‍රමාණයක් දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරිමට යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ වනවිට පාසල් ආශ‍්‍රීත ප‍්‍රදේශවල මත්පැන් අලෙවි කිරිම තහනම් කර ඇති බවත් එමෙන්ම හුණු හා පුවක් වලට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

“පුවක් සහ හුණු ශ‍්‍රී ලංකාවේ සංස්කෘතියට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් පුවක් සහ හුණූ භාවිත කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තා වීම බහුල වී තිබෙනවා. එම නිසා හුණූ සහ පුවක් වලට එරෙහිවත් දැඩි ක‍්‍රීයාමාර්ග ගැනීමට මම පියවර ගන්නවා.”

යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියි.

පුවක්‌ භාවිතය

පුවක්‌වල පිළිකාජනක රසායන ද්‍රව්‍ය 04 ක්‌ ඇති බව සොයාගෙන තිබේ. එනිසා යම් පුද්ගලයකු බුලත් සමඟ පුවක්‌ දිනපතා භාවිතා කළහොත් එම තැනැත්තාට මුඛ පිළිකා, ගලනාළ පිළිකා, ආමාශගත පිළිකා ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

බුලත්විට වල ඇති හුණු දුම්කොළවල ඇති ශරීරයට හානිකර තත්ත්වය නිසා එම ද්‍රව්‍ය බුලත්විටෙන් ඉවත් කිරීමට බොහෝ දෙනා මේ වන විට යොමුවී සිටිති. ඒ අනුව පුවක්‌ ද බුලත්විටෙන් ඉවත් කරගත යුතුය. ඒ වෙනුවට සාදික්‌කා, වසාවාසි, කරදමුංගු, කරාබුනැටි වැනි ඖෂධීය ගුණ සහිත රසකාරක යොදාගත හැකිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top