Nov 25, 2016

‘මැරෙනතුරු පලිගන්නවා' - වික්‍රම වීරසුරිය (වීඩියෝ)

‘මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ලා දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා’ යයි මහපොල අරමුදලේ උපදේශක වික්‍රම වීරසූරිය මහතා ඊයේ මාධ්‍ය හමුවකදී හැඬුම් මැද කියා සිටියේය.

මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කලේ යයි ඒකාබද්ද විපක්‍ෂය විසින් අල්ලස් හෝ දුෂණ කොමිසමට ගොනුකර තිබු පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

එහිදී අදහස් දැක්වූ ඇමති මලික් සමරවික්‍රම මහතා ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කළේය.

තමන් එම කොමිසමට ලිපියක් යොමු කරමින් අදාල පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස දන්වා සිටි බව මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා කියා සිටියේය.

මෙම පැමිණිල්ල අසත්‍ය යයි ඔප්පු වුවහොත් පැමිණිලිකාර ඒකාබද්ද විපක්‍ෂ මන්ත්‍රීනට එරෙහිව පියවර ගන්නා ලෙසද තමන් ඉන් ඉල්ලා සිටි බව ඇමතිවරයා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top