Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 25, 2016

මූදූ යන්න, බෝතල් තියල යන්න Featured

මුහුදු යාමේදී ධීවරයින්ට කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට  තීරණය කර තිබේ.

ප්ලාස්ටික් බෝතල් හේතුවෙන් සාගර පරිසර පද්ධතියට වන හානිය අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ධීවරයින් ජලය ගෙන යාම සඳහා ස්ථිර භාජනයක් යොදා ගත යුතු බව ත්, ධීවර වරායන්ගෙන් බෝට්ටු පිටව යාමේදී ඒවා දැඩි ලෙස පරික්ෂාවට ලක් කිරීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා පැවසී ය.

මසුන් ඇල්ලීම සඳහා දෛනිකව ධීවර යාත‍්‍රා 50,000ක් පමණ මුහුදට යන අතර ඒවායින් ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 5ක් පමණ මුහුදට බැහැර කරන බව සමීක්ෂණවලදී හෙළිව තිබේ.

මෙලෙස බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු පතුලේ ඇති කොරල්පර, ජලජ පැළෑටි සහ මසුන් ඇතුළු ජලජ ජීවීන්ට දැඩි හානි සිදු වන බව සමුද්‍ර විද්‍යාඥයින් තමන්ට පෙන්වා දීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top