nsb

Nov 25, 2016

ඇවන්ගාර්ඩ් නැව මුදාහරින්නැයි නියෝගයක් Featured

ඇවන්ගාර්ඩ් සමාගමට සම්බන්ධ ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැව රුපියල් මිලියන 35 ක බැඳුම්කරයක් මත ශ්‍රි ලංකා නැව් සමාගමට මුදාහරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලි ලංකාපුර මෙනෙවිය නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව අද(25) කැඳ වූ අවස්ථාවේදීය.

නිති විරෝධී අවි ආයුධ සහ පතොරම් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත එම නෞකාව ආරක්ෂ අංශ භාරයට පත්කෙරිණ.

මේ අතර නීති විරෝධී ගිනි අවි ප්‍රවාහනය සම්බන්ධ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුක්රේන ජාතික කපිතාන්වරයා පෙරේදා (23) නැවතත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලි ලංකාපුර මෙනෙවිය හමුවට ඉදිරිපත් කෙරිණ.

කපිතාන්වරයා ලබන දෙසැම්බර් 07 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නිතිවිරෝධි අවි හා උණ්ඩ එහි ගබඩා කර ඇති පවසමින්, ඇවන්ගාර්ඩ් නෞකාව ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ගාල්ල වරායට ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගැනිණ.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ඉන්දියන් සාගරය රැක ගැනීම සඳහා ජාත්‍යන්තර මුහුදේ දී සිදු කළ මෙහෙයුම්වලට යොදාගත් 'රක්නා ලංකා සමගම' සතු අවි තොගයක් ඇවන්ට්ගාඩ් සමාගම විසින් ගාලු වරායේ මෙම නැවේ ගබඩා කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top