Nov 08, 2017

රුසියන් නැව ගේන්න තුන්කොන් සටනක් ! Featured

ශ්‍රී ලංකා රජය රැසියාවේ පරණ යුධ නැවක් මිලදී ගැනීමට සුදානම් වන බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට හේතුව අදාළ නෞකාව ගෙන්වීමට ව්‍යාපාරික කණ්ඩායම් තුනක් පොරකෑම බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ පරණ නැවක් මිලදී ගැනීමට කිසිදු ගිවිසුමක් නැති බවත්, එවැනි ගිවිසුමක් ගසා තිබේනම් වහාම හෙළිදරව් කරන ලෙසයි.

වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

'' එහෙම නැවක් ගන්න තවම ඇනවුම් කරලත් නැහැ. රටවල් දෙක අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ගිවිසුමක් අත්සන් කරලත් නැහැ.

රුසියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට (credit line) ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹිලා තියනවා. එත් ඒමුදලින් ගත යුත්තේ කුමක්දැයි රුසියාවෙන් බලපෑමක් නැහැ. නැවක් ඉල්ලුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව."

තාම හදන්න හිතලවත් නැහැ :

“ එහෙම කියන නැවක් ගන්න රටවල් දෙක අතර ගිවිසුමකට එළඹිලා (G to G) නැවක් ගන්න ඇනවුම් කලත් නැව හදන්න වසර තුනක් ඉල්ලලා තියනවා.

තාම අපට දෙන්න කියල නැවක් නැහැ. එවැනි නැවකට නාවිකයින් පුහුණු කරන්නම වසර එකහාමාරක් යනවා. ''

තුන් කොන් සටනක් !

මෙම යුධ නැව අත්පත් කර ගැනීම රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවක් වන අතර එය රාජපක්ෂ ආණ්ඩුව විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය වෙනුවෙන් කෙරෙන මිලදී ගැනීමකි.

මෙම ගනුදෙනුවේදී රුසියානූ ආණ්ඩුවට අයත් JSC Rosoboronexport යුධ ආයුධ සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ධුරය ලබා ගැනීම සඳහා ආණ්ඩුවට හිතවත් පුද්ගලයින් තිදෙනෙකු බල අරගලයක නිරත වී සිටී.

එහි පළමුවැන්නා වන්නේ 1996 සිට JSC Rosoboronexport හි ශ්‍රී ලංකාවේ නියෝජිතයාව සිටි අභාවප්‍රාප්ත කපිල ප්‍රියන්ත සිල්වාගේ පුත් අකිල මලිත් සිල්වාය.

Nimal Shewonඑම පාර්ශවය ලංකාවට මීට පෙර GTR රථ 44ක් ගෙන්වීම හා ගුවන්යානා කිහිපයක් ගෙන්වා තිබේ.

දෙවැනි පාර්ශවය වන්නේ සිරස මාධ්‍ය ජාලය හා සම්බන්ධ කණ්ඩායමයි. ශෙවාන් ඩැනියෙල් හා නිමල් කුක් යන අය එම පාර්ශවය වෙනුවෙන් තරග වැඳී සිටිති.

තෙවැනි පාර්ශවය වන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකු හා සම්බන්ධතා පවත්වන කුමාර රාජපක්ෂ මහතාය.

මේ පාර්ශව තුනම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයට එක්ව සිටීමද විශේෂ සිද්ධියකි.

නැව කමිටු තුනක් ප්‍රතික්ෂේප කරලා !

මෙම නෞකාව මිලදී ගැනීම කමිටු තුනක් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එසේ ප්‍රතික්ශේප කරන ලද කමිටුවලින් එක් කමිටුවක ප්‍රධානියාව සිට ඇත්තේ වත්මන් නාවික හමුදාපති එස.එස්. රණසිංහ මහතාය.

සබැඳි පුවත් :
රුසියානු යුද නැවක් ගැනීමට මුදල් ඇමති විරුද්ධ වී නැහැ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top