Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 08, 2017

හිටපු LTTE ය සොහොන් සුද්ද කරයි (ඡායා)

මන්නාරම, පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පවතින මහවිරු සුසාන භූමිය පිරිසිදු කිරීම ඊයේ (07) මන්නාරම ප්‍රදේශවාසීන් විසින් සිදුකරනු ලැබීය.

පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ ජනතාව හා පුනරුත්තාපනය ලැබු හිටපු එල්. ටි. ටි. ඊ. සාමාජිකයින් විසින් අදාළ මහවිරු සොහොන පැවති ප්‍රදේශයේ ශ්‍රමදානයක් පැවැත්වු බව මන්නාරම ප්‍රදේශවාසීහූ පැවසූහ.

මන්නාරම ආරක්ෂක අංශ පැවසූවේ මහවිරු සැමරුම් පවත්වන නොවැම්බර් 27 වැනිදා මහා ඉහළින් මහවිරු සැමරුම් පැවැත්වීමට මන්නාරම ජනතාව සුදානම් වන බවයි.

එල්. ටි. ටි.ඊ. සංවිධානයේ පාලනය පැවති අවධියේ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මහවිරු සොහොන් පවත්වාගෙන ගොස් තිබිණ.

මන්නාරම මඩු හා වෙඩිතලතිව් ප්‍රදේශයන්හි එල්. ටි. ටි.ඊ. යුද ගැටුම් බහුලව පැවතිණ.

Mannar 01

Mannar 02

Mannar 03

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top