nsb

Nov 26, 2016

යාපනය සරසවියේ මහවිරු දිනය සැමරේ (වීඩියෝ)

දශක තුනක යුද්ධයෙන් දිවි තොරවූ එල්.ටි.ටි.ඊ. සටන්කරුවන් ඇතුළු දස දහස් සංඛ්‍යාත දෙමළ ජනකාය අනුස්මරණය කරමින් යාපන සරසවියේ මහවිරු දිනය පැවැත්විනි.

යාපනය සරසවියේ කයිලාසපති ශාලාවට රැස්වූ විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයන්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ පුෂ්පදීප උපහාරයක් පැවැත්වූ අතර මියගිය අය සමරා රුක් රෝපණයක් ද කෙරිනි.

අනුස්මරණ කටයුතු සිදු කෙරුනේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මුල් පෙලේ ඇමැති වරුන්ගේ පරස්පර මත පල කිරීම් මධ්‍යයේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මුල් කොටගත් ඇමතිවරුන් කිහිප දෙනකු පවසා තිබුනේ දෙමළ ජනතාවට යුද්ධයේ මියගියවුන් සැමරීමට අයිතියක් ඇතත්, මියගිය විමුක්ති කොටි සාමාජිකයන් සිහිපත් කිරීමට අවසරයක් නැති බවයි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා තිබුනේ දෙමළ ජනතාවගේ මළවුන් සැමරීමේ අයිතිය කිසිවකුටත් අහිමි කළ නොහැකි බවයි.

දෙමළ මහවිරු සමරුව පැවැත්වීම කොටි සංවිධානය පණ ගැන්වීමක් ලෙස අනවශ්‍ය භීතිකාවක් මැවීමක් බව උතුරේ මහ ඇමැති සීවී විග්නේස්වරන් මහතා කොළඹදී කියා සිටියේය.

මහවිරු සුසාන භූමි :

සටන් බිමේ මියගිය විසිදහසකට ආසන්න සෙබළ සෙබළියන් සැමරීම සඳහා එල්ටීටීඊය විසින් උතුරු නැගෙනහිර පුරා ඉදිකර තිබූ මහවිරු සුසාන භූමි රජයේ යුද හමුදාව විසින් විනාශ කර දැමීමෙන් අනතුරුව දෙමළ ජනතාවට සිය මළවුන් සැමරීමට තිබූ නිශ්චිත ස්ථාන අහිමි විය.

මහවිරු දිනය මෙන්ම අදට (නොවැම්බර් 26 ) යෙදෙන එල්.ටි.ටි.ඊ. නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය ද සමරා සරසවි භුමිය අවට පෝස්ටර් අලවා තිබුනි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top