nsb

Nov 26, 2016

බැසිල්ගේ "දේශපාලන බෝම්බය" ඩිලාන් හෙළිකරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිලිබඳ ජනතාව බලාපොරොත්තු නොවන ආකාරයේ "දේශපාලන බෝම්බයක්" පත්තු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සහ එජාප කණ්ඩායමක් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (25)දින මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක සහ ලක්ෂ්මන් යාපා මහත්වරුන් සහභාගී වූ අතර ඊට දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් කණ්ඩායමක්ද සහභාගී විය.

මේ පිළිබද සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණ කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඒ පිලිබඳ අභියෝග කරන්නේ නම් පැය 24ක් තුළ සියල්ල හෙළිදරවු කිරීමට තමා සුදානම් බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමේ බැසිල් රාජපක්ෂ මහතා සිටින හෙයින් ඔහුට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණයේ යම් වෙනස්කම් කිරීමට එජාප කණ්ඩායම පොරොන්දු වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top