Nov 26, 2016

ලංකාවේ ලිංගික ශ්‍රමික කාන්තාවෝ 15385ක්‌

ලිංගික ශ්‍රමික කාන්තාවන් දොළොස්‌ දහස්‌ තුන්සිය විසිනවයත් පහළොස්‌ දහස්‌ අටසිය තිස්‌පහක්‌ අතර සංඛ්‍යාවක්‌ මෙරට සිටින බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පවසයි.

මෙම ලිංගික ශ්‍රමිකයන් සතියට දින 3 ත් 5 ත් අතර කාලයක්‌ ලිංගික ශ්‍රමය අළෙවි කරන බව හෙළි වී ඇතැයි එම වැඩසටහනෙහි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියාකාන්ති බෙනරගම මහත්මිය පවසන්නීය.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ මෙම සංඛ්‍යාවට වඩා වැඩි ලිංගික ශ්‍රමික කාන්තාවන් සංඛ්‍යාවක්‌ සිටින බව ඇස්‌තමේන්තු කර ඇති අතර එම සංඛ්‍යාව හාරලක්‍ෂ පන්දහසකට වඩා වැඩි විය හැකි බව රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ කර සිටී.

ලිංගික ශ්‍රමික කාන්තාවන් එච්අයිවී/ඒඩ්ස්‌ වෛරසය පැතිරවීමට දායක වන කණ්‌ඩායමක්‌ වශයෙන් සැලකෙන අතර ලිංගික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ සේවය ලබාගන්න පුද්ගලයින් එම අවධානමින් වලක්වා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top