Nov 11, 2017

බියර් මිල ගැන පාඨලී කනස්සල්ලෙන් !

බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

එමෙන්ම මෙම බීර මිල අඩුකිරීම දරුවන් හා කාන්තාවන් මත්පැන්වලට යොමුකිරීමේ පියවරක් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බීර මිල අඩු කිරීම සහ මත්පැන් වර්ගය අනුව මධ්‍යසාර පරිමාව (ඇල්කොහොල් ප්‍රතිශතය) පදනම් කර ගනිමින් බදු හඳුන්වා දීමට මුදල් අමාත්‍යවරයා මෙවර අයවැයේදී යෝජනා කළේය.

කොකා කොලාවලට වඩා බියර් හොදයි !

බියර් මිල පහත යාම සම්බන්ධයෙන් එල්ලවන විවේචන සම්බන්ධයෙන් ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා, සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම සෞඛ්‍යට හිතකර බව පැවසිය.

ඇමැතිවරයා මේ බව කීවේ සීනිවලටත් බද්දක්‌ ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

''බොහෝ රටවල සියයට අසූ ගණනක්‌ පානය කරන්නේ බියර්. අඩු ප්‍රතිශතයක්‌ තමයි සැර මත්පැන් පානය කරන්නේ. ඒත් අපේ රටේ සියයට අසූහතරක්‌ බොන්නේ සැර මත්පැන්. අපේ රටේත් පොඩි බියර් එකක්‌ බිව්වට මම වරදක්‌ දකින්නේ නෑ. පැණි රස බීම එකට සීනි දමද්දී තමයි නිෂ්පාදකයාගෙන් බද්දක්‌ අයකරන්නේ. නැතුව සීනිවලට බදු අය කරන්නේ නෑ. පැණි බීම මිලිලීටර් 40 බෝතලයක සීනි ග්‍රෑම් 100.4 ක්‌ තිබෙනවා යෑයි ඇමැති මංගල සමරවීර මහතා කීවේය.

සබැඳි පුවත්
''සෞදි අරාබියේ වගේ තීරණයක් ගන්න ඕන'' - මංගල

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top