Nov 12, 2017

පුංචි ඡන්දය : රාධක්‍රිෂ්ණන්ගේ පක්ෂය එජාපයෙන් ගැලවේ !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වතුකරයට වෙනම තරඟ කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ කඳුරට ජනතා පෙරමුණ තීරණය කර ඇතයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදුව ඇතැයි කියන කෙහෙහිලිකම් සම්බන්ධයෙන් විරෝධය පළකරමිනි.

මේ අතර ඊයේ (11) පස්වරුවේ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා පැවසුයේ, තමන් ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් අරගල කරන බවයි.

තමන් බලයට ගෙන ආ ආණ්ඩුවෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බව ඔහු එහිදී කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදින් අසා සිටියේ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ගැටලු පවතිනවාද යන්නයි.

අමාත්‍යංශයේ ලිපිකරුවෙක් :

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ සමහර රාජ්‍ය අමාත්‍යවරුන්ට ගැටලු පවතින අතර තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් තිබිය දී අමාත්‍යංශයේ ලිපිකරුවෙකු වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ සම්පූර්ණ කතාව පහතින් ..

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top