Nov 12, 2017

රාජකීය සිසුවා බිළිගත් වාහන අනතුරේ ඇත්ත මෙන්න (UPDATE)

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලැබූ රිය අනතුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේවනවිට වාර්තා වී ඇත.

අද අළුයම 01.00ට පමණ මෙම අනතුර සිදුවූයේ රාජගිරිය සිට මාදින්නාගොඩ දක්වා දිවෙන මාර්ගයේය.

රාජකීය විදුහලේ ප්‍රදර්ශනයක කටයුතු සඳහා සහභාගිවූ සිසුන් 11 දෙනෙකු ඩබල් කැබ් රථයක සහ කාර් රථයක නැගී රාජගිරිය ප්‍රදේශයේ නාවල දෙසට දිවෙන මාර්ගයේ පිහිටි රාත්‍රී අවහන්හලකින් ආහාර ලබාගෙන ඇත.

අඩු මුදලට ආහාර ගැනීමට :

අනතුරින් බේරුණු සිසුවෙකු පොලිසියට සඳහන් කර ඇත්තේ "අඩු මුදලට ආහාර ගැනීම සඳහා " එම ස්ථානයට පැමිණි බවයි.

පසුව අඹගහ හන්දිය පසුකර IDH ප්‍රදේශයට ගොස් සිසුවකු නිවස අසළින් බස්සවා ඇති ඔවුන් එම ප්‍රදේශයේදී වාහන වේගයෙන් පදවමින් කාලය ගත කර පසුව මහනියර හන්දියෙන් හරවා රාජගිරිය ප්‍රදේශයට පැමිණෙමින් සිටිය දී ඉදිරියෙන් ධාවනයවූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට ගොස් අනතුරට ලක්ව තිබේ.

''කොන්ක්‍රීට් එක කඩාගෙන වැටුණා"

එය දුටු පිටුපසින් පැමිණි වාහනය පැදවූ සිසුවාට ද සිය වාහනය පාලනය කර ගැනීමට නොහැකිව කැබ් රථයේම ගැටුණු බව අනතුරින් බේරුණු සිසුවකු පොලීසියට දැනුම්දී ඇත.

පසුව අනතුරට ලක්වූවන් වාහනවලින් ඉවතට ඒමට උත්සාහ දරා ඇති අතර ඒ සමග ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් ඔවුන් මතට ඇද වැටී තිබේ.

අනතුර සිදුවූ ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වේ.

Acc5

Acc6

Acc8

(නෙත් නිව්ස්)


රාජකීය සිසුන් රැගත් වාහනයක් අනතුරට - සිසුවෙක් මරුට

රාජගිරිය, සිල්වා පටුමග ප්‍රදේශයේදී කැබ් රථයක් තාප්පයක ගැටීමෙන්, අද (12) අලුයම 01.00ට පමණ සිදුවූ අනතුරකින් 18 හැවිරිදි කොළඹ රාජකීය විදුහලේ සිසුවකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කැබ් රථය පැදවූ සිසුවාට වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

විද්‍යාලයේ පැවති වැඩසටහනකට අනතුරුව එම සිසුන් මෙම කැබ් රථයේ ගමන් කර තිබේ.

මියගිය මුස්ලිම් ජාතික සිසුවාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

ඡායා-නෙත්

Acc1

Acc3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top