රාජපක්ෂ පාලනය විසින් ගන්නා ලද ණය කන්ද පියවීම සඳහා.... රාජපක්ෂ පාලනය විසින් ගන්නා ලද ණය කන්ද පියවීම සඳහා....
Nov 13, 2017

'ශත විස්සේ මැදමුලන බද්ද ගන්නේ බැංකුවෙන්' - ඉරාන්

බැංකු මඟින් සිදුකරන රුපියල් 1000කට වැඩි ගනුදෙනු සඳහා ශත 20ක විශේෂ බද්දක් අයකරනුයේ, ගනුදෙනුකරුවාගෙන් නොව මූල්‍ය ආයතනයෙන් බව මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා 2018 අයවැය ඉදිරිපත් කරමින් හඳුන්වා දුන් එම බද්ද වසර තුනක කාලසීමාවකින් පසු ඉවත් කරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

පසුගිය දා 2018 අයවැය ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ”මැදමුලන බද්ද” නමින් හඳුන්වා දුන් ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද පිළිබඳ 'ශ්‍රී ලංකා මිරර්' කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එබව සඳහන් කළේය.

රාජපක්ෂ පාලනය විසින් ගන්නා ලද ණය කන්ද පියවීම සඳහා යෝජනා කළ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද හේතුවෙන් රටේ සාමාන්‍ය ජනතාවට කිසිදු පීඩාවක් හෝ බලපෑමක් ඇති නොවන බව ද ඉරාන් වික්‍රමරත්න මහතා එහිදී අවධාරණය කළේය.

රුපියල් බිලියන 7000ක ණයක් !


''ශ්‍රී ලංකා රජයට ඉදිරි වසර තුන තුළ විශාල ණය මුදලක් ගෙවීමට තිබෙනවා. එය රුපියල් බිලියන 7000ක්. මෙයට රුපියල් බිලියන 600ක් තරම් වූ මුදලක් සෑම වසරකදීම කල්පිරෙන නිසා ගෙවීමට ඇතුළත්.

දැනට 2018 වසරේ රුපියල් බිලියන 1970 ක් ණය ගෙවීමට පමණක් අවශ්‍ය වෙනවා. ඒනිසා රාජ්‍ය ආයෝජනය අඩු කරන්නේ නැතිව අපි විකල්පයකට යා යුතු වුණා. ඒ අනුව නව විශේෂ බද්ද හඳුන්වා දුන්නා.

එය අයකිරීම ආරම්භ වන්නේ 2018 අප්‍රේල් 01 වැනි දා සිටයි. ඉරාන් වික්‍රමරත්න මහතා පැහැදිලි කෙළේය.

mangala 2
මීතොටුමුල්ල කුණු කන්දට නොදෙවෙනි ණය කන්ද පියවීම වෙනුවෙන්...


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අයවැය කතාව ඉදිරිපත් කල අවස්ථාවේ අවධාරණය කර සිටියේ, රාජපක්ෂලා ලබා ගත් මීතොටුමුල්ල කුණු කන්දට නොදෙවෙනි ණය කන්ද පියවීම වෙනුවෙන් මෙම නව බද්ද හඳුන්වා දීමට සිදුව ඇති බවය.

අමාත්‍යවරයාගේ අයවැය කතාවේ 286 කොටස තුළ මේ බව පැහැදිලිව සඳහන්ව ඇති අතර ඊට අනුව ඉදිරි වසර තුනක කාලය තුළ රුපියල් බිලියන 7000ක ණය ආපසු ගෙවීමට මෙරටට සිදුව ඇති අතර  රුපියල් බිලියන 600ක් තරම් වූ සෑම වසරකම කල්පිරෙන ස්වෛරී අන්තර්ජාතික බැඳුම්කර ආපසු ගෙවීම ද මීට ඇතුළත්ව ඇත. 

2018 වර්ෂය සඳහා පමණක් ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 1970ක් අවශ්‍යව ඇත.

මෙම අධික ණය රාජ්‍ය මූල්‍ය අංශය කෙරෙහී දැඩි බලපෑමක් කර ඇති නමුත් 2018 වසරට අදාළ රාජ්‍ය ආයෝජන ද අඩුකළ නොහැකිය.

එහෙයින් 2018.04.01 සිට මෙම බද්ද බැංකු හරහා අය කරන අතර මෙය ගනුදෙනුකරුවන්ගෙන් අයකිරීමට ඉඩ දෙන්නේ නැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top