Nov 13, 2017

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන ලද ගාමිණී සෙනරත් මහතා ඇතුලු තිදෙනෙක් අනිද්දා (15) දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසිනි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කරනු ලබන පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයක් සම්බන්ධයෙන් ඔහු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත ගත කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සි/ස ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදල යන ආයතනවලට අයත් රුපියල් බිලියන 04ක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාට චෝදනා එල්ලවී ඇත.

gamini S 1 900pxgamini S 2 900pxgamini S 3 900pxgamini S 4 900px

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top