Nov 14, 2017

සැර වැඩි නම් ටැක්ස් වැඩියි ! Featured

මධ්‍යසාර පරිමාව (ඇල්කොහොල් ප්‍රතිශතය) පදනම් කර ගනිමින් බදු හඳුන්වා දීම සම්බන්ධයෙන් මාධ්‍ය හා ආණ්ඩුවේම මැති ඇමතිවරුන් විවිධ අදහස් පළ කරති.

මුදල් ඇමැතිවරයා බියර් සඳහා ලබාදී තිබෙන සහනයට සෞඛ්‍ය ඇමැතිවරයා වන තමන් එකඟ නොවන බවත්, එම යෝජනාව ඉවත්කර ගන්නා ලෙස මංගල සමරවීර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (13 දා) ප්‍රකාශ කළේය.
 
අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

බියර් මිල අඩුකිරීමෙන් පාසල් ළමයින්ද ඊට යොමුවිය හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ChampikaR 670px 09 03 17

බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී 11දා පැවසීය.

එමෙන්ම මෙම බීර මිල අඩුකිරීම දරුවන් හා කාන්තාවන් මත්පැන්වලට යොමුකිරීමේ පියවරක් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


ජාත්‍යන්තර ක්‍රමවේදය :


මධ්‍යසාර පරිමාව (ඇල්කොහොල් ප්‍රතිශතය) පදනම් කර ගනිමින් බදු හඳුන්වා දීමට මුදල් අමාත්‍යවරයා මෙවර අයවැයේදී යෝජනා කළේය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ විවේචන සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ 'සැර වැඩිනම් ටැක්ස් වැඩියි'' කියා ය.

බියර්වලට වඩා අඩු ඇල්කොහොල් ප්‍රතිශතයකින් යුතු මධ්‍යසාරයක් වෙළඳපලට පැමිණියහොත් එහි බද්ද බියර් වලටත් වඩා අඩු බවද ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය හේතුන්මත මධ්‍යසාර සැර අනුව බදු පැනවීමේ ක්‍රමවේදය, මධ්‍යසාර සඳහා බදු පැනවීමේ ජාත්‍යන්තර ක්‍රමය බවද එය මේ වනවිට ලෝක සම්මතයක් වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


සටහන්
Comms - alco/econ model

View the embedded image gallery online at:
http://sinhala.srilankamirror.com/news/8021-tax#sigProId99b3438d7f

සබැඳි පුවත්
මංගලගේ “වෙරි” බද්ද වදින්නෙ මෙහෙමයි !

බියර් මිල ගැන පාඨලී කනස්සල්ලෙන් !

කොකා කොලා වලට වඩා බියර් හොදයි !

''සෞදි අරාබියේ වගේ තීරණයක් ගන්න ඕන'' - මංගල

බියර් විරෝධය පිටුපස කසිප්පු ජාවාරමේ කළු සල්ලි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top