Nov 14, 2017

ජනපතිගෙ කට්ටිය දෙබිඩ්ඩෝ සොයයි ! Featured

රටේ ප්‍රධාන ධූරයන් සඳහා ද්විත්ව පුරවැසියන් පත්කර ඇද්දයි යන්න සෙවීමට ජනපති කාර්යාලය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේවන විට එසේ හඳුනාගත් සංස්ථා සභාපතිවරු ඇතුළු ප්‍රධාන ධූරයන් දරණ කිහිපදෙනෙකුගේ තොරතුරු හෙළිව ඇති බවද එම කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවලින් පැවසේ.
 
අදාළ, කාරනාව සෙවීම ආරම්භ කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවීමත්, ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා ද්විත්ව පුරවැසියකු බව හෙළිවීමත් නිසාය.
 
කෙසේවුවද, ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද ද්විත්ව පුරවැසි භාවය ඇති කිහිපදෙනෙකු මෙරට ප්‍රධාන තනතුරු දරණ බව දන්වා ඇතැයි පැවසේ.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top