Nov 14, 2017

සයිටම් ගැන ගැමුණුගෙ හෙළිදරව්ව

සයිටම් ආයතනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් සිදුකළ වංචා දූෂණ පිළිබඳව අද (14දා) අල්ලස් කොමිසමට ලිඛිතව සන්දේශයක් ලබාදෙන බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසඳය සඳහන් කරයි.

සිදුකළ වංචා ක්‍රියා නිසා උපාධිධාරීන් 80 කට රැකියා නොමැති බවත්, 800 දෙනෙකුට අධ්‍යාපන වරම් අහිමිවී තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පොරොන්දු ලබා දුන්නද එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් තවමත් සකස් කර නොමැති බවද පවසා සිටියේය.

මෙම ආයතනයේ ඉගෙනීම ලබන සියලුම දෙනාම එම ආයතනයට ඇතුළු කරනු ලැබුවේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් සුරක්‍ෂිතභාවය නිසා බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අමාත්‍යාංශ දෙකේ නිලධාරීන් විවිධ වංචා, දූෂණ ක්‍රියාවල නිරතව තිබෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට තම සංගමයට හැකියාව ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top