Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 15, 2017

FB ක්‍රියාකාරියකුට පොලිස් මැර ප්‍රහාරයක් ! Featured

පොලිස් පහරදීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරීකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වන ප්‍රභාත් නිරෝෂන් බණ්ඩාර මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සමාජ මාධ්‍යවේදියෙකුද වන ඔහු මෙසේ රෝහල් ගත කර ඇත්තේ පසුගිය 11 වැනිදා අලුයම 1.30ට පමණ රද්දොළුගම පොලිස් ස්ථානයේ දී පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 4 දෙනෙක් එක්ව කල පහර දීමක් හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඒ මහතා,

"මම පොලිසියට ගියේ මගේ රියදුරා අත්අඩංගුවට ගැනීම ගැන සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේ තමයි මේ පහර දීම සිදුවුණේ. මම ඒ වෙලාවේ පොලිසියේ නිලධාරියෙක් එක්ක කතා කර කර ඉන්නකොට මේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස ඇවිත් මට පහරදුන්නේ.

ඔහු මට පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන පරිදි බැන වැදුණා. ඉන් පස්සේ මට හොදටම පහර දීලා කුඩුවට දැම්මා.

ඊට පහුවෙනිදා තමයි මට ඇප හම්බුණේ. මාව උසාවි දාලා තිබුණේ වෙන නමකින් නිසා උසාවියට ගියත් නඩුව කතා කරපු මොහොතේ නඩුවට පෙනී ඉන්න බැරි වුණා. මොවුන් මේ සියල්ල සැලසුම් කරලා කලේ.

ඒ වෙනකොට මට හොඳටම අමාරු වුණ නිසා මම ගිහින් රෝහල් ගත වුණා. ඉන් පස්සේ රෝහල් පොලිසියේ පැමිණිල්ලක් කරා.

නීතිය හා සාමය රකින පොලිසිය කොහොමද පුරවැසියෙක්ට පහර දෙන්නේ?"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top