Nov 15, 2017

රහස්තැන් මිරිකා ගුරුවරිය සිපගත් ගුරුවරයා අත්අඩංගුවට !

ගුරු විවේකාගාරයේදී පාසල් ගුරුවරියක්ව වැළදගෙන ඇයව සිපගත් බව කියන එම පාසලේම ගුරුවරයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 පොලීසිය විසින් මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක සේවය කරන ගුරුවරයෙකි.
 
සැකකාර ගුරුවරයා 30 හැවිරිදි වියේ පසුවන විවාහකයකු වන අතර සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරිය 28 හැවිරිදි වියේ පසුවන අවිවාහක අයෙකි.
 
පසුගිය 01 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිස්සිය කියයි.
 
පාසල නිමා වුවත් අධික වැස්ස නිසා නික්ම යාමට නොහැකි කම නිසා ගුරුවරිය පාසලේ ගුරු විවේකාරයේ රැදී සිට ඇත.
 
එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණ ඇති සැකකාර ගුරුවරයා “ඔයා මට බයද” යැයි විමසා එක් වරම තමාව වැළදගෙන සිප ගත් බවත්, එම අවස්ථාවේදී ඔහු තමන්ගේ ශරීරයේ අවයව (පියයුරු) මිරිකූ බවද සිද්ධියට මුහුණ දුන් ගුරුවරිය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.
 
මෙම සිද්ධිය සැළවීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ ගුරුවරයා සහ ගුරුවරියව වෙනත්පා සල් දෙකකට ස්ථාන මාරු කිරීමට ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ගුරුවරයාව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව 
ඇත.
 
නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.
 
ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top