Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 15, 2017

කෝච්චි දවස් දෙකක් මැදවච්චියට විතරයි ! Featured

මැදවච්චිය ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රී සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලවී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකශ කළේ, දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින දෙකක් පමණ ගතවනු ඇති බවයි.

ඊයේ රාත්‍රී 8.30ට පමණ ගාල්ල සිට වව්නියාව බලා ධාවනයට වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර විරාල්මුරිප්පු කුලික්කඩ ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්ව ඇත.

අනතුරින් දුම්රිය මැදිරි 05කට හානි සිදු ව ඇති බව පැවසේ.

මේ වන විට දුම්රිය මගීන් මැචවච්චියේ සිට අනුරාධපුරය දක්වා ප්‍රවාහනය කරන්නේ බස් රථවලින් බවද, අදාළ තත්ත්වය නිසා අද පෙරවරුවේ බස් රථවල අධික තදබදයක් පැවැති බවද වාර්තා වේ.

දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ රාත්‍රීයේ ආරම්භ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top