Nov 26, 2016

දිනේෂ්ගේ හමුදා කුමන්ත්‍රණ කතාවට විශේෂ පරීක්ෂණයක් ! Featured

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ හමුදා කුමන්ත්‍රණ කතාව සම්බන්ධයෙන් විශේෂ පරික්‍ෂණයක් සිදු කිරිමට රජය සැලසුම් කර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙවැනි පරික්‍ෂණයක අවශ්‍යතාව මතුවී ඇත්තේ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන ඉහළ නිළධාරින් සහ මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙනුත් කර තිබෙන විශේෂ ඉල්ලීමකට අනුව බවද පැවසේ.

මේ ප්‍රකාශයෙන් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට විශාල අගෞරවයක් සහ අපහාසයක් සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවේපෙන්වාදී ඇතැයි වාර්තා වේ.

ත්‍රිවිධ හමුදාවේ මේ නිළධාරින් එම ප්‍රකාශය සම‘පුර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශයක් බව සදහන් කර තිබේ.

- සුජිත් මංගල ද සිල්වා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top