15976 BM WEB BANNER 01
Nov 18, 2017

යාපනයේ සර්ව ආගමික සමුළුවක්

සාමය හා සංහිදියාව ශක්තිමත් කිරිම අරමුණු කරගනිමින් සර්ව ආගමික සමුළුවක් ඊයේ (17) යාපනයේ නාග විහාරයේදී පැවැත්විණි.

මෙවැනි සමුළුවක් යාපනයේ පැවැති පළමු අවස්ථාව මෙය වන අතර බම්බලපිටිය වජිරා රාමයේ අමර පුර ශ්‍රී ධම‘මරක්ඛිත නිකායේ මහානායක අති පුජ්‍ය ත්‍රික්‍රණාමලයේ ආනන්ද මහානායක හිමි ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

ජාති ආගම් බේදවලින් තොරව සියලු ජනකොටස් සාමයෙන් වෙසීම සහජීවනය දියුණු කිරීම මෙහි අරමුණ විය.

මෙම සර්වාගමික නායක හමුව සංවිධානය කරන ලද්දේ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසිනි.

මෙම වසර තුලදි යාපනය දිස්ත්‍රික්කයේ පැවැති සර්ව ආගමික නායකයින් ඒකරාශී වූ දෙවැනි අවස්ථාව මෙයවන අතර, මෙයට මාස හතරකට පෙර අස්ගිරි මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවැනි සර්වාගමික නායකයින්ගේ සාකච්ඡාවක් ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවත්වා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top