15976 BM WEB BANNER 01
Nov 19, 2017

සජින්ගේ ෆයිල් එකක් අතුරුදහන් ! Featured

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසුව එය අතුරුදන් වී ඇතැයි එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එම විමර්ශන වාර්තාවේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සියලු චෝදනා සහ තොරතුරු අන්තර්ගත වී තිබූ බවත් එම චෝදනාවලට නීතිපති උපදෙස් පැතීම සඳහා යොමුකළ වාර්තාව එලෙස අතුරුදන් වීම වගකීම් රහිත නිලධාරීන්ගේ ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසුව එ.ජා.ප.යේ සාමාජිකයන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය යුතු බවය.

එහෙත් ඊට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය ඒකඟවී නැති අතර එසේ කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හානි සිදුවන බව ඇමැතිවරිය දන්වා ඇත.

කෙසේ වෙතත් අනෙකුත් පක්ෂ සාමාජිකයන් පවසා ඇත්තේ එසේ නොකළහොත් පක්ෂයටත් ආණ්ඩුවටත් ඊට වඩා හානියක් සිදුවන බවකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top