15976 BM WEB BANNER 01
Nov 21, 2017

ඉන්ධන හිඟයක්‌ මවා පෙන්වූ පිරවුම්හල් රජය යටතට !

රට තුළ කිසිම ඉන්ධන හිඟයක්‌ නැති බවත් එහෙත් ඉන්ධන තබාගෙන ඒවා බෙදාහැරීම සිදු නොකළ ඉන්ධන පිරවුම්හල් ඉදිරියේදී සංස්‌ථාවට පවරා ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය.

ඉන්ධන බෙදාහැරීම් සිදු නොකළ එවැනි ඉන්ධන හල් පිළිබඳව සංස්‌ථාවේ හදිසි වැටලීම් ඒකකය මගින් හඳුනාගෙන ඇති බව ද ඇමැතිවරයා කීය.

එසේම රට තුළ ඉන්ධන හිඟයක්‌ ඇති බවට අසත්‍ය ප්‍රචාරය කරමින් මහජනතාව නොසන්සුන් බවට පත් කරන අය හඳුනා ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි පැමිණිල්ලක්‌ ඊයේ (20 දා) ගොනු කළ බවත් ඇමැතිවරයා පැවසීය.

මහනුවර ප්‍රදේශයේ ඉන්දන හිඟයක් පවතින බවත් එම ප්‍රදේශයේ රථ වාහන පෝලිම් දක්නට ලැබෙන බවත් 'අද දෙරණ' රුපවාහිනී නාලිකාව පෙරේදා (19) රාත්‍රී සිය පුවත් විකාශය තුලින් වාර්තා කිරීමත් සමග එදින රාත්‍රී රටපුර ඉන්දන හල අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top