Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 21, 2017

"උත්තර දේවීට" ගල් ප්‍රහාරයක්

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ 'උත්තර දේවී' දුම්රියට ඊයේ (20) රාත්‍රි 7.30 ට පමණ චුන්නාකම් ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කොළඹ සිට යාපනය කන්කසන්තුරේයි දක්වා ධාවනය වීමේදී චුන්නාකම් දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වූ බව දුම්රියේ රියදුරු විසින් චුන්නාගම් පොලීසියට පවසා ඇත.

එම අවස්ථාවේදීම චුන්නාකම් පොලීසිය විසින් ගල් ප්‍රහාරය එල්ල වූ ස්ථානය සෝදිසි කළද කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

ගල් ප්‍රහාරය එල්ල වීමෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදු නොවුව ද දුම්රියේ රියදුරු අසුනට ආසන්නයේ පිහිටි ජනේලයට මෙම ගල් ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් එහි වීදුරුවකට හානි සිදුව ඇති බවද සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top