Nov 27, 2016

මෛත්‍රී, ට්‍රම්ප් ගෙන් සහය ඉල්ලයි ! Featured

රටේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ උපරිම සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රීක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අමතමිනි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශ්‍රී  ලංකාවට ඉදිරිපත් කර තිඛෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර, විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡා පවත්වා, ජාත්‍යන්තර අර්බුදයෙන්  රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

 එහිදී ස්ථීරවම ජයග්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටියේය.

අන්තවාදය ප්‍රතික්ෂේප කර:


උතුරේ අන්තවාදයත්, දකුණේ අන්තවාදයත් ප්‍රතික්ෂේප කර රටේ සියලූ ජන කොටස්වලට විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතු බව පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයා ලෙස තමා වැඩ කළයුත්තේ රටේ  සමස්ත ජනතාව වෙනුවෙන් බව ද මෙහිදී කියා සිටියේය.

වංචාව, දූෂණය, අක්‍රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලූදෙනාට අලූත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසූ ජනාධිපතිවරයා, පසුගිය රජය සමයේ නිල්වලා ගඟ ව්‍යාපෘතිය ස`දහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක්‍රමිකතාවයක් පිළිබදවද කරුණු අනාවරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top