nsb

Nov 27, 2016

ඇමති කතා මායිම් නොකර බස් 41ක් ගෙන්නලා ! Featured

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පසුගිය මස තුළදී බස්‌ රථ 41 ක්‌ ගෙන්වීමට අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.

එම ආයතනය මෙසේ කටයුතු කර ඇත්තේ මෙරටට වාහන ගෙන්වීම සීමා කිරීමට රජය මෙවර අයවැයෙන් ද විවිධ සීමා පනවා තිබියදීය.

විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස්‌ පවා නොසලකා හරිමින් ඉහත බස්‌ ප්‍රමාණය ගෙන්වීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අවසර දී ඇතැයි පැවසේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විමර්ශනයක් කිරීමට සූදානම් වන බවද වාර්තා වේ.

මෙම බස්‌ රථ ගෙන්වීමට අවසර නොදෙන ලෙස විෂය භාර ඇමැතිවරයා උපදෙස්‌ ලබා දී තිබී ඇතැයි ද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top