Nov 27, 2016

බැඳුම්කරයෙන් ඇමති බිරිඳට උපන්දින තෑග්ගක් ! Featured

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ව්‍යාපාරිකයෙක් ඇමති බිරිඳකට අති සුඛෝපභෝගී 'ලෑන්ඩ් රෝවර්' මෝටර් රථයක් තිලිණ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ පසුගියදා යෙදුන ඇමති බිරිඳගේ උපන්දිනය වෙනුවෙනි.

මේ අතර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසන්නේ, බැදුම්කර හොරුන් අරක්කු සමාගම් මිලදී ගෙන, එතනෝල් ගෙන්වමින් හොර අරක්කු පෙරන බවයි.

 බේරුවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ ඊයේ (26) පස්වරුවේ පැවැති සංවර්ධන කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

'' මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ද, ස්කාගාර මිලදී ගෙන මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. එතනෝල් ලංකාවට ගෙන්වනවා. මම මේ පිළිබදව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද විමසා සිටියා...

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්පැන් විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතුයි. මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා විශේෂ පොලිස් ඒකකයක් හරි ස්ථාපිත කරලා මෙම ව්‍යාපාරය නතර කරන්න කියලා. '' යයි ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top